බදුල්ල දිස්ත්‍රික්තයේ බෑවුම් ආශ්‍රිත ප්‍රධාන මාර්ගවල සිදුවන රිය අනතුරු වලක්වා ගැනීම වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන පස් ගැටි ආරක්ෂක සංකල්පය හේතුවෙන් අද 23 තවත් අනතුරක් වලක්වා ගැනීමට හැකියාව ලැබුණු බව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු කාර්යාලය පැවසීය.
බදුල්ල මහියංගන මාර්ගයේ හයවන කිලෝමීටර කනුව අසල යොදා තිබු ආරක්ෂිත පස් ගැට්ටේ ගැටී අද ලොරියක් ප්‍රපාතයට නොගොස් බේරී ඇති බවත් එසේ වැලකී ගිය හත් වන අවස්ථාව මෙය බවද මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.
