ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකා එක්සත් ජනපද රජය විසින් පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා දහය නිල වශයෙන් භාර ගැනීමේ අවස්ථාවට අද (23) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී එක්වීමි.
මෙම යානා මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමු පුහුණු ධාරිතාව සහ ගුවන් මෙහෙයුම් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සුප්‍රසිද්ධ Bell 206 යානා මාදිලියේ යුදමය හැකියාවන් සහිත ප්‍රභේදයක් වන මෙම TH-57 Sea Range හෙලිකොප්ටර යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු දීර්ඝකාලීන විශේෂඥතාවද උපයෝගී කර ගනිමින් සෝදිසි කිරීම් සහ මුදා ගැනීම් වෙනුවෙන්ද සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ඇත.
මෙම ප්‍රදානය ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන ආරක්ෂක සහයෝගීතාවේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස අගයමින්, ඒ වෙනුවෙන් ඇමරිකානු රජය වෙතත්, ඇමරිකානු ගුවන් හමුදාව වෙතත් කෘතවේදීත්වය පළ කළෙමි.