කොළඹ බස් ප්‍රවාහන ක්ෂේත්රය නවීකරණය කිරීම අරමුණු කරගත් <strong>’හරිත නගර, යටිතල පහසුකම් සහ බලශක්ති වැඩසටහන’ (GCIEP)</strong> යටතේ නිම කරන ලද ව්‍යාපෘති කටයුතු පිළිබඳ වාර්තාව, කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් නිල වශයෙන් භාර දී තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා UNDP නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකදී මෙම වාර්තාව භාර දී ඇති බවයි සඳහන් වන්නේ.
නියෝජ්‍ය මහ කොමසාරිස් Theresa O’Mahony මෙම වැඩසටහනේ ප්‍රතිඵල නිල වශයෙන් ඉදිරිපත් කරන ලද අතර, ඊට කොළඹ නගරය තුළ විදුලි බස් රථ භාවිතය වේගවත් කිරීම සඳහා වන මාර්ග සිතියමක් ද ඇතුළත්ව ඇති බවය සඳහන්.
මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතාවලට අනුකූල වෙමින්, වඩාත් තිරසාර, කාර්යක්ෂම සහ අනාගතයට ගැළපෙන නාගරික ප්‍රවාහන පද්ධතියක් ගොඩනැඟීම සඳහා දායක වනු ඇතැයි අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.