හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව කියන, ක්‍රිශාන්ත ප්‍රදීප් සිල්වා නමැති අය, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, විමල් වීරවංශ, විෂයභාර අමාත්‍යවරයාව ලෙස සිටිය දී, අදාල සැකකරු විසින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිතාවක් සිදුකර ඇති බවට වන චෝදනාව මතයි.
අදාල වාහන අවභාවිතාව හේතුවෙන් සැකකරු, රජයට රුපියල් ලක්ෂ දොළහකට වඩා වැඩි අලාභයක් සිදුකර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පවසයි.
සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, ජූලි තුන්වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.
මීට පෙර ජූනි පස්වන දා හෝ ඊට ආසන්න දිනයකදී විමල් වීරවංශගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු වන ප්‍රසාද් මංජු නමැති අයද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
ඔහුට එරෙහිවද එල්ල වී ඇති චෝදනාව වන්නේ වාහන අවභාවිතයයි.