ජනතාවට ඕනෑ අත්අඩංගුවට ගැනීම් ගැන ජනපතිගේ කතා නෙවෙයි, බඩු මිල ඉහළ යෑමට උත්තරයි – නාමල් රාජපක්ෂ

අත්අඩංගුවට ගැනීම්, විමර්ශන සහ අධිකරණ නඩු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට වඩා, මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම පිළිබඳව ජනතාවට පිළිතුරු ලබා දීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හෝ අධිකරණය මෙහෙයවන්නෙකු ලෙස කටයුතු කරමින්, ඉදිරියේදී සිදුවන අත්අඩංගුවට ගැනීම්, විමර්ශන සහ අධිකරණ තීන්දු පිළිබඳව පාර්ලිමේන්තුව තුළ “අනාවැකි” පළ නොකළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *