ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබෙනෙවා.
ඒ අනුව ඔහු විශේෂිත වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පැවසෙන්නේ.
මේ අතර ඔහුගේ බිරිද අද (27) රෝහලට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සුරේෂ් සලේ විසින් ඔහුගේ ජිවිතයට යම් කිසි අනතුරක් සිදු වුවහොත් එහි වගකීම, ජනාධිපති අනුර කුමාර දිසානායක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසරක ඇතුළු පිරිසක් භාරගත යුතු බවට ඔහුගේ අතකුරින් සඳහන් කළ ලේඛනයක් සිය නීතිඥයා වෙත පසුගිය බදාදා භාර දී ඇති බවයි.
”එදා ලෝයර් ආවම සුරේෂ් ලිඛිතව එයාගේ හෑන්ඩ් රයිටිං වලින්ම ලියලා දන්වලා තිබුණා,එයාට මොනවා හරි වුනොත් වග කියන්න ඕන ජනාධිපතිතුමයි, රවී සෙනෙවිරත්න, ශානියි තව කීපදෙනෙකුගේ නම්. බලධාරීන් වශයෙන් ඒගොල්ලෝ දැනගන්න ඕන අවශ්‍ය පියවර ගන්න” යැයි වැඩිදුරටත් කියා සිටියා.