කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද හෘද කැතීටර්කරණ රසායනාගාරය (Cath Lab) ඇතුළු උසස් තාක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර ඒකක කිහිපයක් එළඹෙන ජූනි 30 වන අඟහරුවාදා දින නිල වශයෙන් විවෘත කිරීමට කටයුතු සූදානම් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සෘජු මඟපෙන්වීම යටතේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය, දිවයින පුරා හෘද හා වාහිනී රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ සුවිශේෂී පියවරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.