වසර දෙක­කදී පොල් හා ආහාරපාන අප­න­යන කර්මා­න්තය ඩොලර් බිලි­යන 03ක ආර්ථි­ක­යක් කරන්න සැල­සුම්

පොල් සහ ආහා­ර­පාන ආශ්‍රිත අප­න­යන කර්මා­න්තය ඉදිරි වසර දෙක තුළ ඩොලර් බිලි­යන 03ක ආර්ථි­ක­යක් ලෙස නඟා­සි­ටු­වී­මට අව­ධා­නය යොමු කෙරේ.

ඒ පිළි­බඳ සාක­ච්ඡා­වක් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ පොල් සහ ආහාරපාන ආශ්‍රිත නිෂ්පා­දන කර්මා­න්ත­ක­රු­වන් අතර පසු­ගි­යදා (26) පස්ව­රුවේ ජනා­ධි­පති කාර්යා­ල­යේදී පැවැ­ත්විණි.

ඒ අනුව පොල් ආශ්‍රිත අප­න­යන කර්මා­න්තය ඩොලර් බිලි­යන 02ක් ලෙසත්, ආහා­ර­පාන ආශ්‍රිත අප­න­යන කර්මා­න්තය ඩොලර් බිලි­යන 01ක් ලෙසත් ගොඩ­නැං­වී­මට අපේක්ෂා කෙරෙන අතර ඊට අදාළ සැල­සුම් පිළි­බඳ එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

අප­න­යන විවි­ධාං­ගී­ක­ර­ණය සහ අගය එකතු කළ නිෂ්පා­දන දිරි­ගැ­න්වීම වෙනු­වෙන් රජ­යෙන් ලබා දිය යුතු ඕනෑම ආකා­ර­යක දිරි­ගැ­න්වී­මක් ලබා දීමට අපේක්ෂා කරන බවද ජනා­ධි­ප­ති­ව­රයා එහිදී පැව­සීය.

එම කර්මාන්ත නඟා­සි­ටු­වීම සඳහා වූ යෝජනා සහ අද­හස්ද එහිදී ඉදි­රි­පත් කෙරුණු අතර එම සියලු යෝජනා සහ අද­හස් සැල­කි­ල්ලට ගනි­මින් ඉදිරි සැල­සුම් සකස් කරන බව ජනා­ධි­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

එමෙන්ම උතුරේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා දිරි­ගැ­න්වීම් කරන බවත්, එහිදී පොල් ආශ්‍රිත නිෂ්පා­ද­න­ව­ලට අදාළ කර්මාන්ත ස්ථාප­නය සඳහා රජයේ උප­රිම සහාය ලබා දෙන බව­ටත් ජනා­ධි­ප­ති­ව­රයා එක­ඟ­තාව පළ කළේය.

දේශීය නිෂ්පා­ද­කයා ආරක්ෂා කර ගනි­මින් අප­න­යන නිෂ්පා­දන සඳහා අවශ්‍ය අමු­ද්‍රව්‍ය ආන­ය­නය කිරීම විධි­මත් කිරීමේ සැල­සුම් පිළි­බ­ඳ­වද එහිදී අව­ධා­නය යොමු කෙරිණි.

දේශීය සැප­යුම් දාම නඟා­සි­ටු­ව­මින් අප­න­යන මූලික කර­ගත් නිෂ්පා­දන ආර්ථි­ක­යක් ලෙස මෙරට ආර්ථි­කය ගොඩ­නැ­ඟීම සිය රජයේ අපේ­ක්ෂාව බවද ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා එහිදී වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

එම සාක­ච්ඡාව සඳහා කම්කරු ඇමැති සහ මුදල් සහ ක්‍රම­ස­ම්පා­දන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රම­ස­ම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරි­ය­ප්පෙ­රුම, කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ ලේකම් තිලකා ජය­සු­න්දර, අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති මංගල විජේ­සිංහ මහත්ම මහ­ත්මීහු සහ ශ්‍රී ලංකා ආහාර සැක­සු­ම්ක­රු­වන්ගේ සංග­මයේ සභා­පති අරුණ සේනා­නා­යක, උප සභා­පති රසික සෙනෙ­වි­රත්න, ලංකා බිස්කට් සමා­ගමේ (CBL) කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂිකා ශ්‍යාමලි වික්‍ර­ම­සිංහ, ශ්‍රී ලංකා කේට­රින් ලිමි­ටඩ්හි ප්‍රධාන විධා­යක නිල­ධාරී මංගල විජේ­සේ­කර, Ma’s Tropical Food Processing (Pvt) Ltd.හි කළ­ම­නා­කාර අධ්‍යක්ෂ මරියෝ ඩී. අල්විස්, ජෝන් කීල්ස් පාරි­භෝ­ගික ආහාර අංශයේ සභා­පති දමින්ද ගම්ලත් යන මහත්ම මහ­ත්මීන් ඇතුළු ආහාර නිෂ්පා­දන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපා­රි­කයෝ පිරි­සක් එක්ව සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *