නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වූ, ජනතා කේන්ද්‍රීය සෞඛ්‍ය පද්ධතියක් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ රුපියල් මිලියන 555ක ආයෝජනයක් යටතේ දකුණු කොළඹ ශික්ෂණ – කළුබෝවිල රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද හෘද කැතීටරීකරණ රසායනාගාර ඒකකය (Cardiac Catheterization Laboratory – (Cath Lab), ඩිජිටල් ඇන්ජියෝග්‍රැෆි ඒකකය (Digital Subtraction Angiography – DSA Unit) සහ ලිතොට්‍රිප්සි ඒකකය (Lithotripsy Unit) ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමේ අවස්ථාවට අද (30) එක් වූයෙමි. දකුණු ආසියාවේ AI සහිත පළමු Cath lab කිහිපයෙන් එකක් වීම මෙහි ඇති විශේෂත්වයකි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙරට රෝහල් පද්ධතිය තුළ පවතින කැත් ලැබ් ප්‍රමාණය 10 සිට 26 දක්වා මේ වසර අවසන්වන විට වැඩිකිරීම සඳහා රුපියල් මිලියන 3103 වැයකරන බවත්, මහ භාණ්ඩාරයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් මෙන්ම ජයිකා සහන ණය ව්‍යාපෘතියේ මුදල් මේ සඳහා යොදවන බව ද පැවසීය.
කොළඹ, මහනුවර සහ ගාල්ල යන මෙරට ස්ථාපිත ජාතික රෝහල් ත්‍රිත්වයට සහ ඊට අමතරව මඩකලපුව, ත්‍රිකුණාමලය, බදුල්ල, රත්නපුර, අනුරාධපුරය, කුරුණෑගල, යාපනය යන ප්‍රධාන රෝහල්වලටද කැත්ලැබ් රසායනාගාර ඒකක ස්ථාපිත කරන බවත් වැඩිදුරටත් කියා සිටියෙමි. මේ සතිය තුළදී අළුතින් කැත්ලැබ් ඒකක හතරක් ප්‍රතිකාර සේවාවන් සඳහා එක්වන බවත් පොරොත්තු ලේඛනවල මාස ගණන් සිටින ජනතාවට කෙටි කාලයකින් ප්‍රතිකාර සේවාවන් සැපයීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලාපොරොත්තුව බවද අවධාරණය කළෙමි.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්මලී ගුණසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, කළුබෝවිල ශික්ෂණ රෝහලේ හිටපු අධ්‍යක්ෂිකා මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සාගරි කිරිවන්දෙනිය, වත්මන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ලලිත් පොත්ගල්ගොඩ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සායි නිරන්ජන්, ආසියානු සංවර්ධන බැංකුවේ සෞඛ්‍ය පද්ධති දියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක, යන මහත්ම මහත්මීන් මෙන්ම හිටපු අධ්‍යක්ෂවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.