රජය මැදපෙරදිග අර්බුදයට මුහුණ දුන් ආකාරය විශිෂ්ටයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජනපති අනුරට කියයි

මැදපෙරදිග අර්බුදය හමුවේ රජය කටයුතු කළ ආකාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට හේතු වී තිබේ.

රජය අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීම හේතුවෙන් සාර්ව ආර්ථික සහ සමාජ ස්තායිතාව ආරක්ෂා වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කර තිබෙන නිවේදනයේ සදහන් වේ.

(අපි එම නිවේදනය හා බැදුණු සැබැදිය අපගේ කොමෙන්ට් තීරුවට එක්කර තිබේ.)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබදව බළධාරීන් සමග සාකච්ඡා කිරීම සදහා එවන් පැපජෝර්ජියෝ ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස, පසුගිය විසි හතර වන දා සිට අද එනම් තිස්වන දා දක්වා කොළඹ රැදී සිටියේ ය.

අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එවන් පැවජෝර්ජියෝ ලංකා බලධාරීන්ගේ කැපවීම අගය කර තිබේ.

කෙසේ වෙතත්, මැද පෙරදිග අර්බුදය මෙරට ආර්ථිකයට බරක් වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මැයි මාසය වන විට උද්ධමනය 5.5%කින් ඉහළ ගොස් තිබේ.

අවිනිශ්චිත තාවය තවමත් පැවතියද, ගෝලීය වෙළද පොලේ භාණ්ඩ මිල පහත වැටෙමින් තිබීම, භාහිර පීඩනයේ බලපෑමෙන් යම් සහනයක් රටට අත්වීමට හේතු වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

නැවත ප්‍රකෘතිමත් වීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකගතා මත පදනම් වූ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ රැඳී සිටීම ලංකාවට ඉතා වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *