සේවකයෙක-ුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෑතක දී ආන්දෝලනයකට මුහුන දී සිටින “මිස්ටර් කොත්තු” අවන්හල් ජාලය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කම්කරු දෙපාර්තමේන්ත-ුවට උපදෙස් දී තිබේ.
එහිදී, එම අවන්හල් ජාලයේ හිමිකරු මීට පෙරත් සේවකයන් කායික හෝ වාචික හිංසනයට ලක්කර තිබේද යන්න සොයා බලන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියි.
දැනට මෙම අවන්හල් ජාලය සත-ුව ශාකා 12 ක් රට පුරා ක්‍රියාත්මක වන අතර ඒ සෑම ශාඛාවක්ම වෙන් වෙන්ව පරීක්ෂා කර බලන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
ඊට අමතරව, අදාල ආයතනය සේවකයන්ට නිසි ලෙස ඊටීඑෆ් / ඊපීඑෆ් ගෙවා තිබේද යන්න පිළිබදවත්, අවන්හල් ජාලයට අයත් යම් ශාඛාවක් වසා දැමීමේ දී නිසි ලෙස සේවකයන්ට වන්දි ගෙවා ඇද්ද යන්න සොයා බලන ලෙසත් නිළධාරීන්ගෙන් ඉල්ලා තිබේ