නාමල් රාජපක්ෂ මහතා කිසිදු බියකින් තොරව කටයුතු කරන බවත්, ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන බැවින් එවැනි තර්ජන හමුවේ පසුබට නොවන බවත් ඩී. වී. චානක මහතා ප්‍රකාශ කරයි.
බොරු චෝදනා නගමින් නාමල් රාජපක්ෂ මහතා උසාවි ගෙන යන බවට හෝ සිරගත කරන බවට කරන තර්ජනවලින් ඔහු බිය නොවන බව චානක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, තමන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය තබන නමුත්, එම අධිකරණයට කරුණු වාර්තා කරන ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) පොලිස් ක්‍රියාමාර්ග කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවයි.