තම දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්දැයි බැලීමට දෙමාපියන්ට ‘ඩ්‍රග් ටෙස්ට් කිට්’ හඳුන්වා දීමට රජයේ අවධානය

මත්ද්‍රව්‍ය උවදුරින් රට මුදවා ගැනීමේ ජාතික වැඩසටහන යටතේ, තම දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුව ඇත්දැයි දෙමාපියන්ට නිවසේදීම පෞද්ගලිකව පරීක්ෂා කර බැලිය හැකි විශේෂ පරීක්ෂණ කට්ටල (Drug Test Kits) වෙළෙඳපොළට හඳුන්වා දීමට රජය අවධානය යොමු කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ‘රටම එකට’ ජාතික මෙහෙයුම් කමිටු රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන පරිදි, මෙම පරීක්ෂණ කට්ටල ඖෂධ අලෙවිසැල් හරහා දෙමාපියන්ට පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *