දෙනෙකු පසුගිය සතියේ දී විජේදාස රාජපක්ෂ හිටපු අධිකරණ අමාත්‍යවරයා මුන ගැසීම සදහා නුගේගොඩ, නාවල, විජයබා මාවතේ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
ඩුබායි හී සැගව සිටි හරක් කටා ලංකාවට ගෙනැවිත් ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටිය දී ය.
ඒ අනුව, හරක් කටා සම්බන්ධයෙන් කටයුත-ු කිරීමේ දී නිසි ක්‍රියාපටිය අනුගමනය කර ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
හරක් කටා සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරක්ෂක අමාත්‍යවරයාගේ වගකීමක් ලෙස පැවති බැවින්, වෙනත් කිසිවකුට ඊට මැදිහත් වීමේ හැකියාවක් නොතිබුනු බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විජේදාස රාජපක්ෂ හිටපු අධිකරණ අමාත්‍යවරයා, හරක් කටාට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලමින් ලිපියක් යවා ඇත්නම්, එය ඔහුගේ යුතුකමක් බවත්, එය ගැටළුවක් විය නොහැකි බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රජයේ භාරයට ගන්නා ඕනෑම අයෙකු ආරක්ෂා කළ යුතු බවට තමන් සියලු පාර්ශ්වයන්ට උපදෙස් ලබා දී තිබුණු බව හිටපු ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කරයි