ෆේස්බුක් සමාජ මාධ්‍ය වේදිකාව භාවිතා නොකරන බවත්, එම වේදිකාව බුද්ධිමත් මිනිස්සුන්ගේ සටන් කරන භූමියක් නොවන බවත් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, “මම Facebook යන්නේ නැත්තේ මෝඩයෝ ටිකක්නේ ඒක ඇතුළේ ඉන්නේ. බුද්ධිමත් මිනිස්සු සටන් කරන භූමියක් නෙවෙයි ඒක. ඉතින් ඒ නිසා ඒකට ගිහිල්ලා මම බලන්නේ නැහැ” යනුවෙනි.
දේශපාලනඥයන් සහ මහජන නියෝජිතයන් සමාජ මාධ්‍ය භාවිතා කරන වර්තමාන යුගයක, දයාසිරි ජයසේකර මහතාගේ මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වී තිබේ.