ශ්‍රී ලංකාව මැදි ආදා­යම් ලබන රටක් වීමෙන් ආයෝ­ජන ගලා ඒමේ ප්‍රව­ණ­තාව ඉහ­ළට යයි

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදා­යම් ලබන රටක් ලෙස හඳුනා ගැනී­මත් සමඟ ඉදි­රි­යේදී ආයෝ­ජන රටට ගලා ඒමේ ප්‍රව­ණ­තාව ඉහළ යෑමේ වැඩි හැකි­යා­වක් පව­තින බව පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය වසන්ත අතු­කෝ­රාළ මහතා පව­සයි.

අදාළ වර්ගී­ක­ර­ණය තුළ ඉහළ මැදි ආදා­යම් ලබන රට­වල් කාණ්ඩ­යට අලු­තින් ඇතු­ළත් කර ඇත්තේ රට­වල් පහක් පම­ණක් බවත්, ශ්‍රී ලංකාව ස්වශ­ක්ති­යෙන් නැඟී­සි­ටී­මට උත්සාහ කරන රටක් බවත් මේ තුළින් නිරූ­ප­ණය වන බව ඒ මහතා පෙන්වා දුන්නේය. පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යේදී සිදු කළ මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් පසු­ගි­යදා (2) මහා­චා­ර්ය­ව­රයා මේ බව පැවසූ අතර, හෙතෙම වැඩි­දු­ර­ටත් මෙසේද කියා සිටි­යේය.

‘ශ්‍රී ලංකාව මේ වන විට ඉහළ මැදි ආදා­යම් ලබන රටක් ලෙස හඳු­නා­ගෙන තිබෙ­නවා. අපි 1996 දක්වා හිටියේ පහළ ආදා­යම් ලබන රටක් ලෙසයි. නමුත් 1997 සිට 2017 දක්වා පහළ මැදි ආදා­යම් ලබන රටක් විදි­හට ජාත්‍ය­න්ත­රය අපව හඳුනා ගත්තා. පසුව 2018දී ඉහළ මැදි ආදා­යම් ලබන රටක් බවට පත් වුණත් 2019දී නැව­තත් අපි පහළ මැදි ආදා­යම් ලබන රටක් ලෙස හඳුනා ගත්තා. අන­තු­රුව 2024 දක්වාම අපි හිටියේ ඒ තත්ත්ව­යේයි. අපේ රටේ දළ දේශීය නිෂ්පා­ද­නය ඩොලර් බිලි­යන 108 ඉක්මවා යාමක් පසු­ගිය වස­රේදී අපි දකි­නවා. මේ නිසා

ඒක­පු­ද්ගල ආදා­යමේ සැල­කිය යුතු වර්ධ­න­යක් දක්නට ලැබුණා. දළ දේශීය නිෂ්පා­ද­නය තුළ බිහි­වන ඒක­පු­ද්ගල ආදා­යම ඩොලර් 5,003ක් පමණ දක්වා වර්ධ­නය වීමක් දකින්න ලැබුණා. ලෝක බැංකුව මෙම ගණ­නය කිරීම් කරන්නේ අප විසින් ඒක­පු­ද්ගල ආදා­යම ගණ­නය කරන ක්‍රම­යට නෙවෙයි. ඔවුන් ‘ඇට්ලස්’ නම් වූ ක්‍රමය පද­නම් කර ගනි­මින් වෙනත් රට­වල් සමඟ සිදු කරනු ලබන ගනු­දෙනු, ඒවා­යෙහි බර තැබීම්, විනි­මය අනු­පා­ති­කයේ සිදු­වන වෙන­ස්වීම් වගේම රට­වල් අතර උද්ධ­ම­නය ආදී සියලු කරුණු කෙරෙහි අව­ධා­නය යොමු කර­මින් තමයි ගණ­නය කිරීම සිදු කරන්නේ. ඒ අනුව අපේ ඒක­පු­ද්ගල ආදා­යම ඩොලර් 4,670ක් විදි­හට හඳු­නා­ගෙන තියෙ­නවා. ඉහළ මැදි ආදා­යම් තත්ත්ව­යෙන් රටක් ලෙස හඳුනා ගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ ඒක­පු­ද්ගල ආදා­යම ඩොලර් 4,635ක වගේ ප්‍රමා­ණ­යක්. අපේ එම අගය ඩොලර් 4,670ක අග­යක තිබෙන නිසා අපි ඉහළ මැදි ආදා­යම් රටක් ලෙස හඳුනා ගැනීම සිදු කර තිබෙ­නවා. පසු­ගිය 2024 හා 2025 වස­ර­ව­ලදී අපි සිය­යට 5ක පමණ ආර්ථික වර්ධන වේග­යක් ලබා ගත්තා. ලෝක බැංකුව කළ ගණ­නය කිරීමේ ක්‍රම­වේ­දය අනුව 2024දී ඒක­පු­ද්ගල ආදා­යම ඩොලර් 3,870ක පමණ අග­යක් ගත්තා. මේක 2025 වන විට ඩොලර් 4,670ක් දක්වා වර්ධ­නය වෙනවා. ඒක­පු­ද්ගල ආදා­යම ඩොලර් 800කින් පමණ ඉහළ ගොස් තිබෙන බවක් තමයි මේ අනුව පෙනී යන්නේ. මේ නිසා අපි ඉහළ මැදි ආදා­යම් ලබන රටක් ලෙස හඳු­නා­ගෙන තිබෙ­නවා. මේ වර්ගී­ක­ර­ණය අනුව ලෝකයේ රට­වල් 5ක් පම­ණයි ඉහළ මැදි ආදා­යම් ලබන කාණ්ඩ­යට අලු­තින් ඇතු­ළත් කර තිබෙන්නේ. ඒ අතර පිලි­පී­නය, විය­ට්නා­මය වැනි රට­වල් ද තියෙ­නවා. ලංකා­වත් ඒ තැනට පත්වීම ඉතා වැද­ගත් කාර­ණ­යක් ලෙස අපට හඳුනා ගන්න පුළු­වන්.

‘ලෝකය තුළ රටක් ලෙස අපි ඉහළ මැදි ආද­යම් ලබන රටක් බවට පත්වන විට ඇතැම් අව­ස්ථා­වල සහන ණය අනා­ග­ත­යේදී නොලැබී යෑමේ අව­දා­න­මක් ඇති විය හැකියි. වෙනත් රට­වල් මඟින් කරන ආධාර අඩු වීමේ හැකි­යා­වක් ද පව­ති­නවා. මේ තුළින් එවැනි දේත් සිදු­වීමේ ප්‍රව­ණ­තා­වක් පව­තින බව අපි තේරුම් ගැනීම වැද­ගත්. අනෙක් පැත්තෙන් අපි ස්වශ­ක්ති­යෙන් නැඟී සිටින බවක් මේ තුළින් නිරූ­ප­ණය වෙනවා. අනුන්ගේ ආධාර මත අපට යැපෙන්න අවශ්‍ය නැහැ කියන පණි­වි­ඩය ලෝක­යට යනවා. ආයෝ­ජ­ක­යන් අපේ රට කෙරෙහි දක්වන විශ්වා­සය මේ ඔස්සේ ඉහළ යා හැකියි. මේ තුළින් රටට ආයෝ­ජන ගලා ඒමේ වැඩි ප්‍රව­ණ­තා­වක් ඇති විය හැකියි.’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *