ඊළඟට මේ රටේ නායකත්වය අනිවාර්යයෙන්ම බිහි වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් – චන්න ජයසුමන

මීට පෙර කොළඹ, හම්බන්තොට, පොළොන්නරුව සහ අනුරාධපුරය වැනි ප්‍රදේශවලින් ජනාධිපතිවරුන් බිහි වුව ද, මීළඟට මේ රටේ නායකත්වය අනිවාර්යයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයෙන් බිහිවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසනවා.

වත්මන් රජය බලයට පත් වූයේ වාමාංශික, අධිරාජ්‍ය විරෝධී සහ දේශප්‍රේමී ලේබල් මත වුව ද, අද වන විට ඔවුන් ක්‍රියා කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයෙන් බවයි හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ඔවුන් අන්ත දක්ෂිණාංශික ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරමින්, මෙරට ඉන්දියාවට සහ බටහිරට පවරා දෙන බව ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

වත්මන් රජයට රට නැංවීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත්, ඔවුන්ගේ එකම කාර්යය වී ඇත්තේ දේශපාලන සතුරන් සහ ප්‍රතිවාදීන් සිරගත කිරීම පමණක් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *