පාස්කු ප්‍රහාරයට අදාලව සිදුවන විමර්ශන මත පදනම්ව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබුණු පෙත්සම, අද දිනයේ දී ද කැදවා තිබුණි.
තමා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ අසාද් මවුලානා යන අය විසින් දෙන ලද ප්‍රකාශයක් මත පදනම්ව බව පවසන ගෝඨාභය රාජපක්ෂ, අසාද් මවුලානා යන සමග තමන්ට කිසිදු ඇසුරක් නොතිබුණු බවත්, තමන් ඔහු නොහදුනන බවත් සිය පෙත්සමෙන් පවසා තිබුණි.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කල අතිරේක සොලිසිටර් ජනරාල්වරිය, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාෘධිපතිරයා සිය පෙත්සමේ සදහන් කර තිබෙන එකී කරුණ සත්‍යයෙන් තොර බව අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
ගෝඨාභය සහ අසාද් මවුලානා එකට සිටින ඡායාරූපයක් අධිකරණය හමුවෙ ගෙන හැර පෑ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය, එම ඡායාරූපය පිටුපස ඇති සැබෑ කතාව, ඉනිය භාරතී නමැති තවත් පුද්ගලයෙකු ලබා දුන් ප්‍රකාශයක් මත තබා විස්තර කර තිබුනා ය.
ඒ අනුව, පාස්කු ප්‍රහාරයට පෙර යම් දිනයක දී, කපිල හෙන්දවිතාරණ යන අයගෙන් ඉනිය භාරතී නමැති පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලැබී තිබේ.
[ඉනියභාරතී යනු කරුණා සහ පිල්ලෙයාන් යන කණ්ඩායම් දෙක සමඟම කටයුතු කර තිබූ අයෙකි. එසේම, නැගෙනහිර පලාත ත-ුළ සිදු වූ ම.නු.ෂ්‍ය ඝා.ත.න ඇත-ුළු බිහිසුණු අ.ප.රා.ධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් භාරයේ පසුවන අයෙකි.]
කපිල හෙන්දවිතාරණ නැමති පුද්ගලයා සිය දුරකථන ඇමතුමෙන් ඉනිය භාරතීට දැනුම් දී ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ නිවසට පැමිණෙන ලෙසයි.
එම ඇමතුම ලැබුණු ඉනියභාරතී, තිරුක්කෝවිල් සිට මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසට පැමිණ තිබේ.
එසේ ඔහු ගෝඨාභයගේ නිවසට පැමිණෙන විටත් අසාද් මවුලානා එම නිවසේ සිට ඇති අතර, අසාද් මවුලානාට අමතරව, පිල්ලෙයාන්ගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබූ ප්‍රශාන්තන් නැමති පුද්ගලයා, පිල්ලෙයාන්ගේ සහෝදරයෙක් සහ පිල්ලෙයාන්ගේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ජෙයරාජ් නමැති පුද්ගලයා ඇත-ුළු තවත් කිහිප දෙනෙක් එම නිවසේ සිට ඇත.
ඒ අනුව, අසාද් මවුලානා නමැති අය තමක් නොහදුනන බවට ගෝඨාභය රාජපක්ෂ සිය පෙත්සමෙන් ඉදිරිපත් කර තිබුණ කරුණ පිළිගත නොහැකි බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය වැඩි දුරටත් අධිකරණය හමුවේ පවසා තිබුණි.