මාස 5කදී අප­න­යන ආදා­යම ඩොලර් බිලියන 7.3 ඉක්ම­වා යයි

මෙම වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අප­න­යන ක්ෂේත්‍රය අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 7,300 ඉක්මවූ සුවි­ශේෂි ආදා­ය­මක් වාර්තා කර ඇති බව අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති හා ප්‍රධාන විධා­යක නිල­ධාරි මංගල විජේ­සිංහ මහතා පැව­සීය. අප­න­යන ප්‍රග­තිය හා ඉදිරි ඉලක්ක පිළි­බ­ඳව දැනු­වත් කිරී­මට රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (06) පැවති මාධ්‍ය හමු­වට එක්වෙ­මින් ඔහු මේ බව සඳ­හන් කළේය.

මෙම අප­න­යන ආදා­යම සඳහා ප්‍රධාන වශ­යෙන් ඇඟ­ලුම්, පොල් ආශ්‍රිත නිෂ්පා­දන සහ රබර් කර්මා­න්තය දායක වී ඇත. විශේ­ෂ­යෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත අප­න­යන ආදා­ය­මෙන් 30% සිට 32% දක්වා ප්‍රමා­ණ­යක් ඇඟ­ලුම් කර්මා­න්තය මඟින් හිමි­කර දෙයි. 2026 වසරේ මුල් මාස පහ තුළ පම­ණක් එම­ඟින් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 2,063ක ආදා­ය­මක් උපයා තිබේ. ශ්‍රී ලාංකේය නිෂ්පා­දිත ඇඟ­ලුම් සඳහා අමෙ­රිකා එක්සත් ජන­ප­දය ප්‍රධාන වෙළෙ­ඳ­පො­ළයි.

එක්සත් රාජ­ධා­නිය, ඉතා­ලිය, ජර්ම­නිය, නෙද­ර්ල­න්තය සහ ඉන්දි­යාව රට­ව­ලට ද සැල­කිය යුතු ප්‍රමා­ණ­යක් අප­න­ය­නය කෙරේ. රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පා­දන ක්ෂේත්‍රය ද සැල­කිය යුතු වර්ධ­න­යක් පෙන්වයි. මෙම වසරේ මුල් මාස පහ තුළ එම­ඟින් ඩොලර් මිලි­යන 404ක ආදා­ය­මක් වාර්තා වී තිබේ. එය පසු­ගිය වසරේ අනු­රූප කාල­යට සාපේ­ක්ෂව 5%ක වර්ධ­න­යකි. එමෙන්ම පොල් තෙල් සහ පොල් කිරි වැනි වටි­නා­කම් එකතු කළ නිෂ්පා­දන සඳහා ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළේ ඉහළ ඉල්ලු­මක් පව­තින බව සභා­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය.

අප­න­යන ක්ෂේත්‍රය තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීම සඳහා නව අප­න­යන සංව­ර්ධන සැලැ­ස්මක් ද මේ වන විට එළි­දක්වා ඇත. එහි ප්‍රධාන ඉල­ක්කය වන්නේ ඉදිරි වසර පහක කාලය තුළ අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 8කට අධික අප­න­යන ආදා­ය­මක් උපයා ගැනී­මයි. මේ සඳහා නවීන තාක්ෂ­ණය භාවිත කර­මින් දේශීය නිෂ්පා­දන හැකියා වර්ධ­නය කිරී­ම­ටත්, ලෝක වෙළෙ­ඳ­පොළේ පව­තින ඉල්ලුම අනුව රබර් වැනි කර්මාන්ත ශක්ති­මත් කිරී­ම­ටත් රජය විශේෂ අව­ධා­න­යක් යොමු කර ඇත. මෙම­ඟින් රට තුළ විශාල රැකියා අවස්ථා ප්‍රමා­ණ­යක් බිහි­ක­ර­මින් ශ්‍රී ලංකාවේ අප­න­යන ආර්ථි­කය තව­දු­ර­ටත් ස්ථාවර කිරීම රජයේ අපේ­ක්ෂාව යැයි ද හෙතෙම වැඩි­දු­ර­ටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *