හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් තරුණ පරපුර ඉලක්ක කරගත් විශේෂ සංවාදාත්මක වැඩසටහනක් වන “Read with Ranil” (රනිල් සමඟ කියවමු) වැඩසටහන ජූලි මස 15 වන දින කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
ජාතික තරුණ පෙරමුණේ (National Youth Front) ස්මාර්ට් එක්සත් ජාතික පක්ෂ ඒකකය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහනේ පළමු අදියරේදී “නව ලෝක පිළිවෙළ: භූ-දේශපාලනය, ආර්ථික වෙනස්කම් සහ ශ්රී ලංකාවේ අනාගතය” යන තේමාව යටතේ සාකච්ඡා කිරීමට නියමිතය.
ගෝලීය භූ-දේශපාලනික වර්ධනයන්, ආර්ථික පරිවර්තනයන් සහ ඒවායේ ප්රතිඵලයක් ලෙස ශ්රී ලංකාවේ අනාගතයට ඇති විය හැකි බලපෑම් පිළිබඳව තරුණ තරුණියන්ට සංවාදයේ නිරත වීමට මෙම වැඩසටහන හරහා අවස්ථාව උදා කර දෙන බව සංවිධායක මණ්ඩලය පවසයි.