ලෑලි දොරෙන් වෙඩි තිබ්බේ නැත්තම් මීට වඩා ලොකු විනාශයක් වෙනවා – බන්ධනාගාර කොමසාරිස්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන, බන්ධනාගාර නිලධාරියෙකු ලෑලි දොරක් දෙසට වෙඩි තබන දර්ශනය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා අදහස් දක්වා තිබේ.

එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ, එම අවස්ථාව වන විටත් සිද්ධියක් සිදුවී අවසන්ව තිබූ බවත්, යකඩ දොරවල් කඩා දමා තිබූ පසුබිමක ඉතිරිව තිබුණේ එම ලෑලි දොර පමණක් බවත්ය. සිය නිලධාරීන් ආරක්ෂා කර ගැනීම සඳහාත්, සැකකරුවන් එම දොරෙන් පිටතට පැමිණ සමාජයට මුසු වී සිදු විය හැකි විශාල විනාශයක් වළක්වා ගැනීම සඳහාත් එම පියවර ගැනීමට සිදුවූ බව කොමසාරිස්වරයා සඳහන් කළේය.

තවද, බන්ධනාගාර නිලධාරීන් මෙවැනි තීරණාත්මක අවස්ථාවලදී සිය ජීවිත පරදුවට තබා කටයුතු නොකළේ නම්, මෙයට වඩා බරපතල ව්‍යසනයක් සිදු වීමට ඉඩ තිබූ බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *