දේශීය කුරුඳු කර්මාන්තයේ දැවැන්ත පිම්මක් – කුරුඳු කිලෝග්‍රෑමයක මිල 7000 දක්වා ඉහළට යයි

ශ්‍රී ලංකා කුරුඳු ඉතිහාසයේ ඉහළම මිල වාර්තා කරමින් පසුගිය මැයි මාසයේදී ‘ඇල්බා’ වර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක මිල රුපියල් හත්දහස දක්වා ඉහළ ගොස් ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වසරේදී කුරුඳු අපනයනය මඟින් අමෙරිකානු ඩොලර් මිලියන තුන්සීයක ආදායමක් උපයා ගැනීම රජයේ ඉලක්කය වී ඇති අතර, මෙම වාර්තාගත මිල ගණන් එම ඉලක්කය සපුරා ගැනීමට විශාල පිටිවහලක් වන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දාර මහතා පවසයි.

පසුගිය 2025 වසරේදී ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තය මඟින් රුපියල් බිලියන 80කට ආසන්න, එනම් අමෙරිකානු ඩොලර් මිලියන දෙසිය හැටක අපනයන ආදායමක් උපයා තිබේ. එය කුරුඳු සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන සඳහා මෙතෙක් වාර්තා වූ ඉහළම වාර්ෂික ආදායම වන අතර, පසුගිය වසරේ මුල් මාස පහට සාපේක්ෂව මේ වසරේ මුල් මාස පහ තුළ කුරුඳු අපනයන ආදායම රුපියල් මිලියන 27කින් ඉහළ ගොස් ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මේ තුළින් කුරුඳු ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *