බේරේ වැව සුරැ­කීමේ දැවැන්ත මෙහෙ­යු­මක් ඇරඹේ – දූෂිත ස්ථාන 35ක් හඳුනා ගනියි

කොළඹ බේරේ වැව සුරැ­කීමේ දැවැන්ත මෙහෙ­යු­මක් රජය විසින් ආරම්භ කර ඇති අතර එහි ජලය දූෂ­ණය වූ ස්ථාන 35ක් හඳුනා ගැනී­මට ද පිය­වර ගෙන ඇත.

වසර ගණ­නා­වක් අවි­ධි­මත් නාග­රී­ක­ර­ණය හා මිනිස් ක්‍රියා­කා­ර­කම් හේතු­වෙන් දැඩි ලෙස අප­විත්‍ර වූ කොළඹ බේරේ වැව ප්‍රති­සං­ස්ක­ර­ණය කර එහි ජලයේ ගුණා­ත්ම­ක­භා­වය ඉහළ නැංවීමේ අර­මු­ණින් මේ ව්‍යාපෘ­තිය ආරම්භ කර තිබෙන අතර ශ්‍රී ලංකා ඉඩම් සංව­ර්ධන සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය ඇතුළු ආය­ත­නය ගණ­නා­වක සහය මෙයට හිමි වේ.

නග­ර­යෙන් එකතු වන අප­ද්‍රව්‍ය, අප­ජ­ලය සහ විවිධ කුණු­ක­සළ වැවට එකතු වීම නිසා කාල­යක් තිස්සේ බේරේ වැව අප­විත්‍ර වූ අතර, මෑත­කා­ලී­නව ඇල්ගී සහ සය­නො­බැ­ක්ටී­රියා ශීඝ්‍ර­යෙන් පැතිර යෑම හේතු­වෙන් එහි ස්වාභා­වික සෞන්දර්ය සම්පූ­ර්ණ­යෙන්ම විනාශ වී තිබිණි. මෙම තත්ත්වය පරි­ස­ර­යට මෙන්ම අවට ජීවත් වන ජන­තාව සහ දින­පතා කොළඹ නග­ර­යට පැමි­ණෙන ජන­තා­වට ද දැඩි සෞඛ්‍ය හා පාරි­ස­රික බල­පෑම් එල්ල කෙරිණි.

මේ සඳහා කඩි­නම් විස­ඳුම් ලබා­දීම වෙනු­වෙන් බේරේ වැවේ අයි­තිය සහ නඩත්තු කට­යුතු භාර ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය සමඟ එක්ව, එහි ජලය නඩත්තු කිරීම සහ කළ­ම­නා­ක­ර­ණය කිරීමේ සෘජු වග­කීම ශ්‍රී ලංකා ඉඩම් සංව­ර්ධ­නය කිරීමේ සංස්ථාව වෙත පවරා ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා ඉඩම් සංව­ර්ධ­නය කිරීමේ සංස්ථාව විසින් බේරේ වැවේ ස්ථාන 35ක් ආව­ර­ණය වන පරිදි සිදු කරන ලද විශේෂ ජල සාම්පල පරී­ක්ෂා­ව­කදී අනා­ව­ර­ණය වී ඇත්තේ, වැවේ ජලයේ නයි­ට්‍ර­ජන්, පොස්ප­රස් සහ ඇමෝ­නියා වැනි අහි­ත­කර රසා­ය­නික ද්‍රව්‍ය ඉතා ඉහළ මට්ට­මක පව­තින බවයි. එමෙන්ම ජලයේ ද්‍රාවිත ඔක්සි­ජන් ප්‍රමා­ණය (Dissolved Oxygen) ශීඝ්‍ර­යෙන් පහත හෙළන දූෂක ද්‍රව්‍ය රැසක් ද වැවට එකතු වී ඇති බව එම විද්‍යා­ත්මක පරී­ක්ෂණ මඟින් සනාථ වී තිබේ.

ඒ අනුව එහි පාවෙන කුණු සහ සුන්බුන් ඉව­ත්කි­රීම. ආක්‍ර­ම­ණ­ශීලී ජලජ වල්පැ­ළෑටි ඉවත් කර වැව් ඉවුරු පිරි­සුදු කිරීම, ජලයේ තත්ත්වය නිර­න්ත­ර­යෙන් නිරී­ක්ෂ­ණය කර­මින් දූෂ­ණ­යට බල­පාන මූලාශ්‍ර හඳුනා ගැනීම, ගංගා­රාම විහා­ර­ස්ථා­නය ආසන්න නිරි­ත­දිග බේරේ වැව් කලා­පයේ වසර ගණ­නා­වක් තිස්සේ එකතු වී ඇති රොන්මඩ ඉවත් කිරීමේ කට­යුතු කඩි­නම් කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියා­ත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *