දෙණි­යාය රෝහල අලුත් තැන­කට යයි – විය­දම මිලි­යන 6000යි – ඇදන් 300ක අති නවීන රෝහලක්

දිට්වා සුළි කුණා­ටු­වෙන් අන­තු­රුව ඇති වූ පාරි­ස­රික බල­පෑම් හා භූ විද්‍යා­ත්මක අව­දා­නම් සැල­කි­ල්ලට ගනි­මින්, වෙනත් ආර­ක්ෂිත ස්ථාන­ය­කට ස්ථාන­ගත කිරී­මට යෝජිත දෙණි­යාය මූලික රෝහල සඳහා රුපි­යල් මිලි­යන 600ක පමණ වටි­නා­ක­ම­කින් යුත් අත්‍ය­වශ්‍ය වෛද්‍ය උප­ක­රණ ලබා­දී­මට ඉන්දීය රජය එක­ඟ­තාව පළ­කර තිබේ.

ඒ සඳහා වන අව­බෝ­ධතා ගිවි­සුම අත්සන් කිරීම ඊයේ (13) පෙර­ව­රු­වේදී සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශ­යේදී සිදු කෙරිණි.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් සන්තෝෂ් ජා යන මහ­ත්වරු මේ සඳහා අත්සන් තැබූහ.

වත්මන් දෙණි­යාය මූලික රෝහල පිහිටා ඇති භූමිය නාය යෑම් ඇතුළු ස්වාභා­වික ආපදා අව­දා­න­මට ලක්ව ඇති බැවින් හා රෝහල් සේවා­වන් පුළුල් කිරී­මට ඉඩ­කඩ මදි­වී­මත් සැල­කි­ල්ලට ගනි­මින් රෝහල ආර­ක්ෂිත නව ස්ථාන­ය­කට ස්ථාන­ගත කිරීම සෞඛ්‍ය යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නයේ ප්‍රමුඛ ව්‍යාපෘ­ති­යක් ලෙස රජය ක්‍රියා­ත්මක කර­මින් සිටියි.

ඒ අනුව නව ස්ථාන­යක ඇඳන් 300කින් සම­න්විත නවීන මූලික රෝහ­ලක් ඉදි­කි­රී­මට සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය පිය­වර ගෙන තිබේ.

දෙණි­යාය නග­ර­යට කිලෝ­මී­ටර් තුනක් පමණ දුරින් පිහිටි හැන්ඩ්ෆර්ඩ් වතු­යා­යෙන් සුදුසු ඉඩ­මක් හඳු­නා­ගෙන ඇති අතර, භූ විද්‍යා­ත්මක සහ තාක්ෂ­ණික ඇග­යී­ම්ව­ලින් අන­තු­රුව එම ස්ථානය නව රෝහල ඉදි­කි­රීම සඳහා තෝරා­ගෙන ඇත.

රුපි­යල් මිලි­යන 6,000ක (රුපි­යල් බිලි­යන 6ක) ආයෝ­ජ­න­යක් යටතේ අදි­යර දෙක­කින් මෙම නව ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කිරී­මට නිය­මි­තය.

පළමු අදි­යර යටතේ පිරිමි, කාන්තා, ළමා හා මාතෘ වාට්ටු, ශල්‍යා­ගාර, දැඩි සත්කාර ඒකක, හදිසි අන­තුරු සහ හදිසි ප්‍රති­කාර ඒක­කය සහ රුධිර බැංකු­වක් ඇතු­ළත් වේ.

මෙම නව්‍ය සැල­සු­මට පොදු ප්‍රවා­හ­න­යෙන් පැමි­ණෙන රෝගීන් සඳහා වෙනම ප්‍රවා­හන ප්‍රවේ­ශ­යක් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩ­ලය සඳහා නිල නිවාස ද ඇතු­ළත් වේ.

මෙම වර්ෂ­යේදී ඉදි­කි­රීම් ආරම්භ කර වසර තුනක් ඇතු­ළත අව­සන් කිරී­මට අපේක්ෂා කරයි. ව්‍යාපෘ­තිය ක්‍රියා­වට නැංවී­මේදී රෝහලේ අනා­ගත අව­ශ්‍යතා ද සැල­කි­ල්ලට ගනි­මින් රෝගී ධාරි­තාව තව­දු­ර­ටත් පුළුල් කළ හැකි ආකා­ර­යෙන් සැල­සුම් සකස් කිරී­මට ද අව­ධා­නය යොමු­කර ඇති අතර නවීන තාක්ෂ­ණ­යෙන් සම­න්විත, පරි­සර හිත­කාමී සහ ආපදා ඔරොත්තු දෙන සෞඛ්‍ය ආය­ත­න­යක් ලෙස මෙම රෝහල සංව­ර්ධ­නය කිරීම වත්මන් රජයේ අපේ­ක්ෂා­වයි.

දෙණි­යාය නව මූලික රෝහල සඳහා රුපි­යල් මිලි­යන 600ක පමණ වටි­නා­ක­ම­කින් යුත් අත්‍ය­වශ්‍ය වෛද්‍ය උප­ක­රණ ලබා­දීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර අව­බෝ­ධතා ගිවි­සු­ම­කට අත්සන් තැබීම, දෙරට අතර දශක ගණ­නා­වක් පුරා පැවති ශක්ති­මත් මිත්‍ර­ත්වය සහ සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් තහ­වුරු කරන සුවි­ශේෂී අව­ස්ථා­වක් බව මෙහිදී සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

මෙම අව­බෝ­ධතා ගිවි­සුම යටතේ දෙණි­යාය මූලික රෝහල සඳහා අත්‍ය­වශ්‍ය වෛද්‍ය උප­ක­රණ ලබා­දීම වෙනු­වෙන් ඉන්දීය රජය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් කාර්යා­ලය ලබා­දෙන වටිනා මූල්‍ය දාය­ක­ත්වය පිළි­බ­ඳව ශ්‍රී ලංකා ජන­තාව වෙනු­වෙන් හෘද­යාං­ගම කෘත­ඥ­තාව පළ කරන බව ද අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය.

මෙම අව­ස්ථා­වට මාතර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේම­නාත්, දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහ­න්දි­රම්ගේ, සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් විශේ­ෂඥ වෛද්‍ය කුමාර වික්‍ර­ම­සිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් විශේ­ෂඥ වෛද්‍ය අසේල ගුණ­ව­ර්ධන, අධ්‍ය­ක්ෂිකා වෛද්‍ය ජානකී විදා­න­ප­ති­රණ, දෙණි­යාය මූලික රෝහලේ වෛද්‍ය අධි­කාරි වෛද්‍ය මලල රාජ­පක්ෂ, ඉන්දි­යානු මහ කොම­සා­රිස් කාර්යා­ලයේ පළමු ලේකම් (First Secretary) නව්‍යා සිංග්ලා මහත්ම මහ­ත්මීහු ඇතුළු නිල­ධා­රීන් පිරි­සක් එක්ව සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *