රජයක් ලෙස තමන් සෑම විටම උත්සාහ කරන්නේ සාමාන්‍ය ජනතාවගේ මුදල් නාස්ති නොකර, ඔවුන්ට ප්‍රතිඵල ලැබෙන දේ සඳහා මුදල් යෙදවීමට බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ඒ අනුව, රටේ සංවර්ධනයට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයට එකතු කර ගැනීමට මේ වන විට හැකියාව ලැබී ඇති බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
ඊට හේතු ලෙස, මීට පෙර බදු නොගෙවූ මහා පරිමාණ ව්‍යාපාරිකයන් දැන් බදු ගෙවන බවත්, වංචා සහ දූෂණවලට සම්බන්ධ නිලධාරීන්ට මෙන්ම ඇමැතිවරුන්ට ද අදාළ තරාතිරම නොබලා අල්ලස් කොමිසම, පොලිසිය සහ අධිකරණය මඟින් දඬුවම් ලබාදීම සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
පෙරදී මාර්ග සංවර්ධන කටයුත්තක් සඳහා මිලියන 125 ක් වැය වූවා නම්, ඉහළ මට්ටමේ දූෂණ අවම වීම නිසා එම කටයුතු දැන් මිලියන 75 ක් වැනි නියමිත පිරිවැයකින් නිම කිරීමට හැකි වී තිබෙන බවයි අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.