සංචාරකයන් මෙරටදී සිදුකරන වියදම් ඉහළ නැංවීම සඳහා රජය වැඩපිළිවෙලක් අරඹයි

2030 වසර වනවිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් මෙරටදී සිදුකරන වියදම් ඉහළ නැංවීම සඳහා රජය වැඩපිළිවෙළ රැසක් ක්‍රියාවට නංවන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසනවා.

කළුතර දිස්ත්‍රික් සංචාරක අනුකමිටුව සමග කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මගපෙන්වීම යටතේ එම රැස්වීම සංවිධාන කර තිබුණා.

කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මගින් සකස් කළ සංචාරක සංවර්ධන ප්‍රධාන සැළැස්ම පිළිබඳව ද එහිදී විශේෂ අවධානය යොමුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *