ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීමේ නිරත වන නිල සමාගම් ලෙස රුසියානු බලශක්ති සමාගම් දෙකක් (02) ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නිවේදනය කරයි.
මෙරට බලශක්ති අවශ්‍යතාව අඛණ්ඩව සපුරා ගැනීම සහ ඉන්ධන සැපයුම් ක්ෂේත්‍රය වඩාත් තරගකාරී මෙන්ම ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.