අවම වැටු­ප­වත් නොගෙ­වන පෞද්ග­ලික සමාගම් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් කරන්න කම්කරු ඇමති නියෝග කරයි

වත්මන් රජය යටතේ අවස්ථා දෙක­කදී ඉහළ නංවන ලද පෞද්ග­ලික අංශයේ අවම ජාතික වැටුප, මෙතෙක් සිය සේව­ක­යන්ට ලබා නොදුන් ආය­තන සම්බ­න්ධ­යෙන් වහාම පරී­ක්ෂණ පව­ත්වන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජය­සිංහ මහතා කම්කරු දෙපා­ර්ත­මේ­න්තු­වට උප­දෙස් ලබා දී ඇත.

වත්මන් රජය බල­යට පත්වී­මෙන් පසු පෞද්ග­ලික අංශයේ අවම ජාතික වැටුප සහ දෛනික වැටුප 71% ක ඉහළ ප්‍රති­ශ­ත­ය­කින් වැඩි කර ඇති බව නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා අව­ධා­ර­ණය කළේය . නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා මේ බව කියා සිටියේ රාජ්‍ය බැංකු­වක සේවයේ නියුතු පෞද්ග­ලික ආර­ක්ෂක අංශ නිල­ධා­රීන්ට මෙම නීත්‍ය­නු­කූල අවම වැටුප නොගෙ­වීම සම්බ­න්ධ­යෙන් ලැබුණු පැමි­ණිලි සලකා බැලීම සඳහා කම්කරු දෙපා­ර්ත­මේ­න්තුවේ පසු­ගිය (13) දා පැවති සාක­ච්ඡා­ව­කට එක්වෙ­මිනි.

මෙම තීර­ණය ක්‍රියා­ත්මක නොක­රන ආය­තන පිළි­බ­ඳව සොයා බැලීම කම්කරු දෙපා­ර්ත­මේ­න්තුවේ වග­කී­මක් බව ද කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජය­සිංහ මහතා පෙන්වා දුන්නේය.

වත්මන් රජය බල­යට පත්වී­මට පෙර පෞද්ග­ලික අංශයේ අවම ජාතික වැටුප රුපි­යල් 17,500ක් වූ අතර අවම දෛනික වැටුප රුපි­යල් 700ක් ලෙස පැව­තිණි. රජයේ නව ප්‍රති­පත්ති අනුව එය අදි­යර දෙකක් යටතේ ඉහළ නංවන ලදි.

ඒ අනුව අවම ජාතික වැටුප රුපි­යල් 27,000 දක්වාත්, අවම දෛනික වැටුප රුපි­යල් 1,080 දක්වාත් ඉහළ දැමිණි. දෙවන අදි­යර ලෙස 2026 ජන­වාරි 01 සිට අවම ජාතික වැටුප රුපි­යල් 30,000 දක්වාත්, අවම දෛනික වැටුප රුපි­යල් 1,200 දක්වාත් යළිත් වරක් වැඩි කරන ලදි.

කම්කරු අමා­ත්‍යාං­ශයේ පැවති මෙම සාක­ච්ඡාව සඳහා අදාළ පෞද්ග­ලික ආර­ක්ෂක ආය­ත­න­වල ඉහළ කළ­ම­නා­කා­රී­ත්වය මෙන්ම කම්කරු දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීහු ද සහ­භාගි වී සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *