රට කරන්න බැරිනම් ගෝඨාභයගෙන් උපදෙස් ගන්න – සාගර කාරියවසම් ආණ්ඩුවට කියයි

වත්මන් රජයට සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට පාලනය කිරීමට නොහැකි නම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන් රට පාලනය කිරීමට හැකි දක්ෂ මිනිසුන් මෙරට තුළ සිටි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා මෙසේද සඳහන් කළේය:

“මේ ආණ්ඩුවට මේක කරන්න බැරිනම්, අනුර කුමාර දිසානායක ඔබට මේක කරන්න බැරිනම් අඩු තරමේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් උපදෙස් ගන්න. මොකද ගෝඨාභය වගේ රට කරන්න පුළුවන් මිනිස්සු මේ රටේ හිටියා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *