මෙරට ප්‍රධාන පෙලේ මත්පැන් නිෂ්පාදකයන් වන මෙන්ඩිස්, වයඹ ඩිස්ටිලරීස්, රන්දෙනිගල ඩිස්ටිලරීස්, හිඟුරාන ඩිස්ටිලරීස් ඇත-ුළු මත්පැන් නිෂ්පාදන සමාගම් විසින්, 2023 වසරේ ජූනි මස 15 වන දා වන විට නොගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 6.2 කට වඩා වැඩිය.
වහාම අදාල සමාගම්වලින් මෙම බදු අය ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින්, සිවිල් ක්‍රියාකාරිකයෙකුවන සංජය මහවත්ත ඇතු-ළු කණ්ඩායමක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණි.
මෙම නඩුව අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් යුතු ද්වී පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවූ අවස්ථාවේ දී, බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයන්ගෙන් අදාල බදු අයකර ගැනීම සදහා දිස්ත්‍රික් අධිකරණවල නඩු පවරන බව දැනුම් දී තිබේක් එක්ව සිටියා.