මුහුදු තීරයේදී විදේශ නෞකාවලට අවි ආයුධ සහ ආරක්ෂාව සැපයීම සිදු කළ සමාගම නාවික හමුදාව යටතට පත් කිරීමත් සමග ඇමෙරිකා ඩොලර් මිලියන 3 කට ආසන්න ආදායමක් උපයා ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. ඒ හෝමගම පැවති හමුවකට එක් වෙමින්.
අධිෂාඨානශීලී හෝමාගම ලෙස නම් කර තිබූ මෙම හමුවට ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රැසක් එක්ව සිටියා.