තුර්කිය විසින් ශ්‍රී ලංකාවට මිලිටරි (හමුදා) ඩ්‍රෝන යානා අලෙවි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ආචාර්ය සෙමිහ් ලුට්ෆු තුර්ගුට් පැවසීය.
තුර්කිය සහ ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා සියලු ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවයි ඔහු පැවසුවේ. මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදුකිරීම සඳහා විශේෂ තාක්ෂණික කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඔහු පැවසීය.
“මේවා ප්‍රධාන වශයෙන්ම නිරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වන මිලිටරි ඩ්‍රෝන යානා” යැයි තානාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.