ලොව බලවත්ම ගමන් බලපත්‍ර වර්ගීකරණය කරන හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයට (Henley Passport Index) අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට එම දර්ශකයේ 94 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
මෙය 2014 වසරෙන් පසු ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය හිමිකරගත් ඉහළම ශ්‍රේණිගත කිරීම ලෙස සටහන් වේ. පසුගිය 2021 වසරේදී ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම් හි 107 වන ස්ථානය දක්වා පහත වැටී තිබිණි.