ඉකුත් 2024 වසරේ ඔක්තෝබර් පළමු වැනිදා සිට මේ දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 3397.1ක ඍජු විදේශ ආයෝජන ලැබී ඇතැයි කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය. අමාත්‍ය අනිල් ජයන්ත මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේ, ඩොලර් මිලියන 1606.1ක් වටිනා ආයෝජන මණ්ඩලයේ නව ව්‍යාපෘති 95ක් , පවතින ව්‍යාපෘති පුළුල් කිරීම සඳහයා ඩොලර් මිලියන 1105.9ක ව්‍යාපෘති 120ක් , වරාය නගරය ආශ්‍රිතව ව්‍යාපාරික උපායමාර්ගික වැදගත්කම සම්බන්ධ ආයෝජන සඳහා මිලියන 73.1ක ව්‍යාපෘති 24ක් සහ එකඟවූ සහ දැනට ගැසට්කර තිබෙන මිලියන 612ක ව්‍යාපෘති 71ක් මෙලෙස ලැබී තිබෙන බවයි.
මෙම ඇතැම් ව්‍යාපෘති දැනටමත් ගිවිසුම්ගත වී තිබෙන බව ද ඇමැතිවරයා පැවසීය. ව්‍යාපෘති 71කට අදාළව රැකියා 70,533ක් උත්පාදනය වී තිබෙන බවත් ඒ මහතා පැවසීය.