ඩිජි­ට­ල්ක­ර­ණ­යෙන් පසු නීති­ඥ­ව­රුන්ට ඕනෑම වෙලා­වක නඩු ගොනු කළ හැකියි – අගවිනිසුරු ප්‍රිති පද්මන් සූරසේන

රී ලංකා නීති විද්‍යා­ලයේ ඉගෙ­නුම් කළ­ම­නා­ක­රණ පද්ධ­තිය සහ ශිෂ්‍ය කළ­ම­නා­ක­රණ පද්ධ­තිය හඳු­න්වා­දීම ඇතු­ළුව ඩිජි­ටල් පරි­ව­ර්තන ව්‍යාපෘ­තිය සහ විෂ­ය­මාලා ප්‍රති­සං­ස්ක­රණ එළි­දැ­ක්වීම අග­වි­නි­සුරු පද්මන් සූර­සේන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා (20) සිදු කෙරිණි.

ඩිජි­ටල් නවෝ­ත්පා­ද­න­යන් ඔස්සේ නීති අධ්‍යා­ප­නය නවී­ක­ර­ණය කිරී­මත්, සිසුන්ගේ අධ්‍ය­යන අත්දැ­කීම් වැඩි­දි­යුණු කිරී­මත්, සම­කා­ලීන නීති අධ්‍යා­පන ප්‍රමි­තීන් සමඟ අනු­කූ­ල­වී­මත් අර­මු­ණෙන් මේ ව්‍යාපෘති ක්‍රියා­ත්මක කර තිබේ.

මේ අව­ස්ථා­වට එක් වෙමින් අග­වි­නි­සුරු පද්මන් සූර­සේන මහතා පැව­සුවේ ඩිජි­ට­ල්ක­රණ වැඩ­පි­ළි­වෙළ නීති ක්ෂේත්‍ර­යට කාලීන අව­ශ්‍ය­තා­වක්ව පැවති බවයි.

මෙහිදී අග­වි­නි­සුරු ප්‍රීති පද්මන් සුර­සේන මහතා මෙසේ ද පැව­සීය.

අතී­තයේ නීති විද්‍යා­ලයේ ඉගෙ­නුම ලබන සමයේ පරි­ග­ණක හෝ ජංගම දුර­ක­තන තිබුණේ නැහැ. කාර්යාල කට­යු­තු­ව­ලට පැරැණි යතු­රු­ලි­යන භාවිත කළා. කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ පරි­ග­ණක ක්‍රම ලේඛ­නය හැදෑ­රී­මෙන් අන­තු­රුව නීති විද්‍යා­ල­යට පැමි­ණී­මෙන් පසු තාක්ෂ­ණික නොදි­යුණු බව මම දැක්කා. අධි­ක­රණ පද්ධ­තිය ඩිජි­ට­ල්ක­ර­ණය කිරී­මට ගත් මුල් උත්සා­හය විවිධ ආය­තන විසින් ප්‍රති­ක්ෂේප කළද පසු­ගිය අගෝස්තු මාස­යේදී කිසිම උප­දේ­ශ­ක­ය­කුගේ හෝ අර­මු­ද­ල්වල සහය නොමැ­තිව ස්වාධීන ගම­නක් ආරම්භ කළා. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස පෙබ­ර­වාරි මාස­යේදී ඉලෙ­ක්ට්‍රො­නි­කව නඩු­ගොනු කිරීමේ පද්ධ­තිය හඳුන්වා දුන්නා. මේ වන විට නඩු ගොනු­කි­රී­මට භෞතික ගොනු අවශ්‍ය නැහැ. නීති­ඥ­ව­රුන්ට දවසේ ඕනෑම වෙලා­වක නි‍ෙවසේ සිට හෝ නඩු ගොනු කිරී­මට මෙයින් අව­ස්ථාව ලැබෙ­නවා. නීති විද්‍යා­ලයේ වසර ගණ­නා­වක් පුරා රැස්වී ඇති නීති­ඥ­යන් 48,000කගේ පමණ ගොනු නිසා ගොඩ­නැ­ඟි­ලි­වල ඉරි­තැ­ළීම් පවා ඇති වී තිබෙ­නවා. ඩිජි­ට­ල්ක­ර­ණය මඟින් මේ ගොනු පරි­ග­ණ­ක­ගත කර පැරණි ගොඩ­නැ­ඟිලි සුර­ක්ෂිත කිරීමේ අව­ස්ථා­වද ලැබෙ­නවා.

පසු­ගිය ජූනි මාස­යේදී පැවති දිවු­රුම් දීමේ උත්ස­වය සම්පූ­ර්ණ­යෙන්ම කඩ­දාසි භාවි­ත­යෙන් තොරව සිදු කළා. සිසුන් සහ විනි­සු­රු­ව­රුන් ඩිජි­ටල් අත්සන් භාවිත කර­මින් සියලු කට­යුතු අන්ත­ර්ජා­ලය ඔස්සේ සිදු කළ බවත් අග­වි­නි­සු­රු­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

ලංකා නීති විද්‍යා­ලයේ විදු­හ­ල්පති, ජනා­ධි­පති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් මහතා-

ශ්‍රී ලංකා නීති විද්‍යා­ලය නවීන තාක්ෂ­ණ­යෙන් සන්නද්ධ කර­මින් එහි විෂ­ය­මා­ලාව කාලීන අව­ශ්‍ය­තා­වට ගැළ­පෙන සේ සංශෝ­ධ­නය කිරීමේ දැවැන්ත ව්‍යාපෘ­තිය මේ වන විට සාර්ථ­කම නිමා කර තිබෙ­නවා. 2024 වස­රේදී ආරම්භ කළ මේ වැඩ­පි­ළි­වෙළ යටතේ ප්‍රධාන ව්‍යාපෘති 3ක් ක්‍රියා­ත්මක වුණා. එක්සත් ජාතීන්ගේ සංව­ර්ධන වැඩ­ස­ට­හනේ සහ යුරෝපා සංග­මයේ මූල්‍ය දාය­ක­ත්ව­යෙන් නීති විද්‍යා­ලයේ පන්ති කාමර පූර්ණ ස්මාර්ට් පන්ති කාමර බවට පත් කිරී­මට පිය­වර ගෙන තිබෙ­නවා.

මේ ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලියේ සුවි­ශේෂී සන්ධි­ස්ථා­න­යක් ලෙස නව විෂ­ය­මාලා සංශෝ­ධ­නය හැඳි­න්විය හැකි අතර ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ විද්ව­තුන්ගේ අද­හස් ලබා ගනි­මින් සාකච්ඡා මධ්‍යයේ මේ නව විෂය මාලාව කෙටු­ම්පත් කර තිබෙ­නවා. මින් පෙර විකල්ප භාෂා­වක් ලෙස පැවති තොර­තුරු තාක්ෂණ නීති­යත් අන්ත­ර්වාර වසර සඳහා අනි­වාර්ය විෂ­යක් බවට පත් කර තිබෙ­නවා. වෘත්තීය නිපු­ණතා සංව­ර්ධ­නය කෙරෙහි මෙවර දැඩි අව­ධා­න­යක් යොමු කර තිබෙ­නවා. නීති­මය දැනු­වත් කිරීමේ ව්‍යාපෘ­ති­වල නිර­ත­වී­මද අනි­වාර්ය කර­මින් සිසුන්ගේ ප්‍රායෝ­ගික දැනුම වර්ධ­නය කිරී­මට පිය­වර ගෙන තිබෙ­නවා. මේ නව විෂ­ය­මාලා ලබන වසරේ සිට පළමු වසරේ සිසු­න්ටද ක්‍රියා­ත්මක වීමට නිය­මි­තයි. ආදා­යම් නීතිය, මූල්‍ය නීතිය සහ ක්‍රීඩා නීතිය වැනි නව ප්‍රව­ණතා උසස් නීති අධ්‍ය­යන ආය­තන ඔස්සේ විශේෂ පාඨ­මාලා ලෙස හඳුන්වා දීම­ටද සැල­සුම් කර තිබෙ­නවා.

ආය­ත­නික ඩිජි­ට­ල්ක­ර­ණය යටතේ හඳුන්වා දුන් ඉගෙ­නුම් කළ­ම­නා­ක­රණ පද්ධ­තිය සහ ශිෂ්‍ය කළ­ම­නා­ක­රණ පද්ධ­තිය මඟින් සිසුන් ලියා­ප­දිංචි කිරීමේ සිට ප්‍රති­ඵල ලේඛන නිකුත් කිරීම දක්වා වූ සියලු කට­යුතු ඉතා වේග­වත්ව හා කාර්ය­ක්ෂ­මව සිදු­වනු ඇත.

අග­වි­නි­සු­රු­ව­ර­යාගේ පූර්ණ මඟ­පෙ­න්වීම යටතේ ක්‍රියා­ත්මක වූ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය සහ අනෙ­කුත් සියලු අංශ­වල පූර්ණ මඟ­පෙ­න්වීම යටතේ ක්‍රියා­ත්මක වූ මෙම ඩිජි­ට­ල්ක­රණ වැඩ­පි­ළි­වෙළ සඳහා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය සහ අනෙ­කුත් විශේ­ෂ­ඥ­යන්ගේ නොමඳ සහය ලැබී තිබෙ­නවා. සම්පත් බැංකුව සමඟ එක්ව නව ගෙවීම් ද්වාර­යක්ද මේ වන විට සකස් කර ඇති අතර ලබන ජන­වාරි මාසය වන විට නීති විද්‍යා­ලයේ කට­යුතු පූර්ණ වශ­යෙන් ඩිජි­ට­ල්ක­ර­ණය කිරී­මට අපේක්ෂා කර­නවා. වාණිජ මහා­ධි­ක­ර­ණය, සිවිල් මහා­ධි­ක­ර­ණය, දිස්ත්‍රික් සහ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය ඇතුළු සියලු අධි­ක­රණ පද්ධ­තීන් සඳහා ඩිජි­ටල් පද්ධ­තිය හඳුන්වා දීමට නිය­මි­තයි.

ජනා­ධි­පති නීති­ඥ­වරු, එක්සත් ජාතීන්ගේ සංව­ර්ධන වැඩ­ස­ට­හනේ නියෝ­ජිත මරීනා ටෑන් ඇතුළු මහත්ම මහ­ත්මීන්, නීති විද්‍යාල සිසුන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *