රුධිර පරීක්ෂාවක් සදහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 400 යි – රුපියල් 550 ක් අයකළ පෞද්ගලික රෝහලකට ලක්ෂ තිහක දඩයක් පනවයි

ෆුල් බ්ලඩ් කවුන්ට් හෙවත් සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සදහා අයකළ හැකි උපරිම ගාස්තුවක් රජය විසින් නියම කර තිබෙන අතර, එම ගාස්තුව රුපියල් 400 කි.

එසේ තිබිය දී ෆුල් බ්ලඩ් කවුන්ට් රුධිර පරීක්ෂාවක් සදහා රුපියල් 550 ක මිලක් අය කළ පෞද්ගලික රෝහලකට එරෙහිව රුපියල් ලක්ෂ තිහක දඩයක් නියම කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පාරිභෝගික සේවා අධිකාරිය යාපනයේ පිහිටි අදාල පෞද්ගලික රෝහල පරීක්ෂාවට ලක් කර තිබුණේ ජූලි මාසයේ 13 වන දා ය. ඉන් පසුව ඔවුන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අදාල රෝහලට එරෙහිව නඩු පවරා තිබෙන අතර, නඩු තීන්දුව ජූලි මාසයේ 21 වන දා විට ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *