ලංකාවේ ගොඩක් දක්ෂ කෝචස්ලා ඉන්නවා,ෆොරින් ට්‍රෙිනින් මගේ ඉවෙන්ට්වලට අවශ්‍ය නෑ – හෙල්ල විසිකිරිමේ ශූර රුමේෂ් තරංග

එක් ක්‍රීඩකයෙකු විදේශීය පුහුණුවක් (Foreign Training) සඳහා යැවීමට මාසයකට රුපියල් ලක්ෂ 50-60 ක් පමණ වැයවන බවත්, එම මුදල යොදවා මෙරට තුළ මීටර් 33 ක කෘත්‍රිම (Synthetic) තීරුවක් සකස් කළහොත් ක්‍රීඩකයන් 20-30 කට එකවර පුහුණුවීම් කළ හැකි බවත් ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රමේෂ් තරංග පවසයි.

තමන්ගේ ඉසව්ව සඳහා විදේශීය පුහුණුවක් අත්‍යවශ්‍ය නොවන බව පෙන්වා දෙන ඔහු, ඊට හේතුව ලෙස සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුළ ඉතා දක්ෂ පරිපූර්ණ පුහුණුකරුවන් (Coaches) සිටීමයි.

වෙනත් රටවල පවතින උසස් පහසුකම් ශ්‍රී ලංකාව තුළම ස්ථාපිත කළහොත්, තමන්ට පමණක් නොව ඉදිරියේදී මෙම ක්‍රීඩාවට පිවිසීමට සිටින නැගී එන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද ඉදිරියට යෑමේ විශාල ආශාවක් සහ උනන්දුවක් ඇතිවන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *