උතු-රු මැද පළාත් මහ ඇමතිවරයා වශයෙන් සිටිය දී, රුපියල් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුතු ඉන්ධන දීමනාවක් නීති විරෝධී ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ පවරා තිබුණු නඩුවකින් වරද කරු වී දහසය වසරක සිරදඩුවමකට යටත්ව සිටින එස්.එම්. රන්ජිත් සම්බන්ධයෙන් තවත් අනාවරණයක් පසුගියදා සිදු විය.
ඒ අල්ලස් කොමිසම ඔහුට එරෙහිව පවරා ඇති තවත් නඩුවක් කොළඹ මහාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ දී ය.
ඒ අනුව, මහ ඇමතිවරයා වශයෙන් කටයුතු කාලය තුළ ඔහුට ලැබී තිබුන නිල වාහන දෙක සහ ආරක්ෂක රථයට අමතරව, එස්.එම් රන්ජිත්, තවත් වාහන හයක් අවභාවිතා කර ඇති බව වාර්තා වේ.
ඊට අමතරව, වසර දෙකක කාලයක් ත-ුළ, අනීතික ලෙස රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ නම දාහක මුදලක් අතිරේක ඉන්ධන දීමනා වශයෙන් ඔහු විසින් ලබාගෙන ඇති බවද අධිකරණයේ දී අනාවරණය වී තිබේ.