බන්ධනාගාර තදබදය අඩු කරන්න රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රාත්‍රි 10 දක්වා වැඩ කිරිම අරඹයි

රස පරීක්ෂණ වාර්තා ලැබීම ප්‍රමාද වීම බන්ධනාගාර තුළ ඇති වී තිබෙන දැඩි තදබදයට ප්‍රධානතම හේතුව ලෙස රජය හදුනාගෙන තිබේ.

මේ වන විටත් රැදවියන් පහළොස් දහසකට අදාලව රස පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව තිබේ.

ඉන් දස දහසක් පමණ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් රැදවියන්ට අදාල රස පරීක්ෂණ වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමු වී ඇති අතර, අදාල රස පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබා ගැනීම සදහා රජයේ රස පරීක්ෂන දෙපාර්තමේන්තුව රාත්‍රී දහය දක්වා විවෘතව තැබීමටත්, එහි සේවකයන්ට අතිකාල සහ ප්‍රවාහන පහසුකම් සැපයීමටත් රජය කටයුතු කර තිබේ.

ඒ අනුව මේ මස අවසන් වීමට පෙර වාර්තා නම දහසක් නිකුත් කිරීමට හැකි වනු ඇතැයි රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *