හිටපු ඇමති රාජිතට එරෙහිව අල්ලස් කොමිසම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරයි

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘ­ති­යක් කොරි­යානු සමා­ග­ම­කට පැව­රීම මඟින් රජ­යට රුපි­යල් ලක්ෂ 260කට අධික මූල්‍ය පාඩු­වක් කළේ යැයි කියන සිද්ධි­යට අදා­ළව හිටපු ධීවර ඇමැති රාජිත සේනා­රත්න මහ­තාට එරෙ­හිව මහා­ධි­ක­ර­ණය හමුවේ අධි­චෝ­දනා ගොනු කිරී­මට කට­යුතු කරන බව අල්ලස් කොමි­සම කොළඹ, ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අසංග එස්. බෝද­ර­ගම මහ­තාට ඊයේ (28) දැනුම් දුන්නේය. මෝස­මක් මාර්ග­යෙන් නඩුව කැඳවූ අව­ස්ථා­වේදී අල්ලස් කොමි­සම කරුණු දක්ව­මින්, මෙම චෝද­නාවේ පළමු සැක­කරු වන ධීවර වරාය නීති­ගත සංස්ථාවේ හිටපු සභා­පති උපාලි ලිය­නගේ යන අය චෝද­නා­වෙන් නිද­හස් කරන මෙන් ඉල්ලා සිටි­යේය‍.

දෙවන සැක­කරු වන රාජිත සේනා­රත්න යන අයට පම­ණක් මේ මස 31දා අංක 10 හෝ 11 මහා­ධි­ක­රණ හමුවේ අධි­චෝ­දනා ගොනු කිරී­මට කට­යුතු කරන බවද පැව­සීය. එහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා අල්ලස් කොමි­ස­මෙන් විමසා සිටියේ එදි­නට අධි­චෝ­දනා කැඳ­ව­න­වාද යන්නයි. එහිදී අල්ලස් කොමි­සම, එදි­නට අධි­චෝ­දනා ගොනු කිරීම පම­ණක් කරන බව පැව­සීය. සියලු කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා අධි­චෝ­දනා ගොනු කර ඒ බව අධි­ක­ර­ණ­යට දන්වන ලෙසට අල්ලස් කොමි­ස­මට නියෝග කළ අතර පළමු සැක­කරු චෝද­නා­වෙන් නිද­හස් කළේය.

නඩු­ක­රය දෙසැ­ම්බර් 4දා යළි කැඳ­වී­මට නිය­මි­තය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *