හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් වෙත වඩාත් ඉක්මනින් හා කාර්යක්ෂමව ප්‍රවේශ වීම සඳහා යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් (First Responder Motorcycle Service) ආරම්භ කිරීමට 1990 සුවසැරිය පදනම සැලසුම් කර තිබේ.
විශේෂයෙන් අධික රථවාහන තදබදය සහිත නාගරික ප්‍රදේශවල සහ පටු මාර්ග සහිත ප්‍රදේශවල ගිලන්රථ ළඟාවීමට ගතවන කාලය අවම කරගනිමින්, රෝගියා වෙත කඩිනමින් ප්‍රථමාධාර සහ මූලික වෛද්‍ය පහසුකම් ලබාදීම මෙම නව ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.
මේ සඳහා විශේෂ පුහුණුව ලත් වෛද්‍ය පාරා-වෛද්‍ය නිලධාරීන් (Paramedics) යෙදවීමට නියමිත අතර, හදිසි අවස්ථාවකදී අවශ්‍ය වන මූලික ඖෂධ සහ වෛද්‍ය උපකරණවලින් මෙම යතුරුපැදි සමන්විත වේ.