මිලියන 700 ඉක්මවූ නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමට අවශ්‍ය නීති කටයුතු ඇරඹෙයි

2026 වසරේ මේ වන තෙක් මාස කීපයක කාලය තුළ මිලියන 772 ක් වටිනා නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමට අවශ්‍ය නීති කටයුතු ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කර තිබෙනවා.

අද (31) “රටම එකට” ජාතික මෙහෙයුම – ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවති ශ්‍රී ලංකා පොලීසියේ දායකත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු දැනුම් දීමේ විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනුයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ.

2025 වසර තුළ මිලියන 1549 ක වටිනාකමින් යුතු නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමේ නීතිමය කටයුතු ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකළ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නීතිවිරෝධී දේපොළ තහනම් කිරීමේ ක්‍රියාවලියේ යාවත්කාලීන තොරතුරුයි මෙහිදී ඉදිරිපත් කෙරුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *