අලුත් දේශපාලන සංස්කෘතිය හොදයි,හර්ෂ ද සිල්වා ඇමති නලින්ද ඉස්සරහ තියාගෙනම කියයි

පැවැති ආණ්ඩු විසින් ආරම්භ කළ යහපත් ව්‍යාපෘති නව රජය විසින් අත්නොහැර ඉදිරියට පවත්වාගෙන යාම අගය කරමින්, මෙම අලුත් දේශපාලන සංස්කෘතිය පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිස අමතමින් ඒ මහතා සඳහන් කළේ, අතීතයේදී බොහෝ යහපත් වැඩසටහන් බෙර ගසා උත්සවාකාරයෙන් ආරම්භ කළද ටික දිනකින් ඒවා නැවතී ගිය බවයි.

නමුත් යම් කෙනෙකු ආරම්භ කළ පමණින් හොඳ ව්‍යාපෘති නවතා දැමීමට හෝ වෙනස් කිරීමට අවශ්‍ය නොවන බවත්, 1990 සුවසැරිය ගිලන්රථ සේවාව ඊට හොඳම උදාහරණය බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *