විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍යවරයා සහ ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යවරයා, මල්වතු පාර්ශ්වයේ මහනායක, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමි බැහැදැක කරුණු පැහැදිලි කර තිබේ.
එහිදී මහනායක හිමියන් පැවසූවේ, තමන්ට මුලින් ආරංචි වී තිබුණේ එක් පුද්ගලයෙකු ඉලක්ක කරගෙන විශ්‍රාම වයස ඉහළ දැමීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
නමුත්, තමන් වහන්සේ බැහැදැකීමට පැමිණි අමාත්‍යවරුන් දෙදෙනා පැවසූ ලෙස, සෑම විනිසුරුවරයෙකුගේම විශ්‍රාම වයස ඉහළ දැමීමට කටයුතු කරනවා නම්, එය යහපත් බව අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ත සුමංගල මහ නාහිමියෝ පැවසූ හ.
විනිසුරුවරුන්ට අමතරව, දිසාපතිවරු සහ ප්‍රාදේශීය ලේකම්වරු ආදී අනෙකුත් රාජ්‍ය නිළධාරීන්ගේද විශ්‍රාම වයස ඉහළ නැංවීමට කටයුතු කළ හැකි නම් එයා වඩාත් යහපත් බවද උන්වහන්සේ පැවසී ය.
ඊට අමතරව, විනිසුරුවරයෙකු වනවාට වඩා නීතීඥවරයෙකු ලෙක කටයුතු කිරීම ආර්ථික වශයෙන් වඩාත් ලාභදායක බැවින්, විනිසුරු ධූර සදහා ඉදිරිපත් වීම ආකර්ශනය කර ගැනීමට කටයුතු කළ යුත-ු බවටද මහනාහිමියෝ, තමන් වහන්සේ බැහැදැකීමට ආ අමාත්‍යවරු දෙදෙනාට පැවසූ හ