අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවකට අදාළව, තමන්ට එල්ල වී ඇති චෝදනා සහ අසත්‍ය ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව රංගන ශිල්පිනී රිතූ ආකර්ෂා පවසයි.
සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ, අදාළ අධිචෝදනා පත්‍රයේ සඳහන් DFCC බැංකුවේ ගිණුම (027104000818) තමන් සතු එකක් නොවන බවත්, DFCC බැංකුවේ කිසිදු ගිණුමක් තමන් සතුව නොමැති බවට අදාළ බැංකුව විසින් ලබාදුන් නිල ලිපිය ද සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති බවත්ය.
එසේම අදාළ සිදුවීම සිදුවූවා යැයි කියන 2010-2012 කාලසීමාව තුළ තමන් පාසල් ශිෂ්‍යාවකව සිටි බවද ඇය පෙන්වා දෙයි.
තමන්ගේ නම සහ ඡායාරූප භාවිත කරමින් ප්‍රතිරූපයට හානි වන අන්දමින් ව්‍යාජ පුවත් ප්‍රචාරය කළ මාධ්‍ය, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ගිණුම්වලට එරෙහිව මේ වන විටත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ඉදිරියටත් මෙවැනි අසත්‍ය තොරතුරු පලකරන්නන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ඇය වැඩිදුරටත් අවධාරණය කරයි.