ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදහස් වූ නඩු 7ක් නැවත විභාග කිරීමට අධිකරණය තීන්දු කරයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්, හිටපු අමාත්‍යවරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පවරා තිබුණු නඩු හතක්, අදාල නඩු ගොනු කිරීමේ දී කොමිසමේ එක් කොමසාරිස්වරයෙකු අත්සන් තබා නැති බව කියමින්, කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

අදාල නඩු හත ප්‍රතික්ෂේප කිරීම සිදුකර තිබෙන්නේ 2023 වසරේ මැයි මාසයේ 19 වන දා ය.

ජොන්ස්ටන්ට එරෙහිව පවරා තිබුණු මෙම නඩු ප්‍රතික්ෂේප වීමෙන් පසු, වත්මන් අල්ලස් කොමිසම, මහධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරන ලදී.

ඒ අදාල නඩු නැවත ඇසීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටිමිනි.

ඒ අනුව, අල්ලස් කොමිසම, අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබු පෙත්සම්හී තින්දුව අද ප්‍රකාශයට පත් කර තිබේ.

අභියාචනාධිකරණ නියෝග වී තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු එරෙහි නඩු යළි අසන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *