බන්ධනාගාර තදබදය අඩු කරන්න සුදුසු නඩුවලදී නිවාස අඩස්සියේ තබන යෝජනාවට කැබිනට් අනුමැතිය

විකල්ප දණ්ඩන ක්‍රමයක් ලෙස සුළු වැරදිවලට සම්බන්ධ සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද නව පනත් කෙටුම්පත තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

බන්ධනාගාර අධික තදබදය අවම කිරීමේ පියවරක් ලෙස, නීති සම්පාදනය සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය ලබාදුන් ප්‍රතිපත්තිමය අනුමැතියට අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් මෙම පනත් කෙටුම්පත සකස් කර ඇත.

එම පනත් කෙටුම්පත් කෙටුම්පත නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, ඊට ඇතුළත් විය යුතු විවිධ සංශෝධන සහිතව අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු කඩිනමින් නිම කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *