පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කරන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ පිළිබඳව නිකුත් කළ ප්‍රකාශ තුළින් විමල් වීරවංශ ,උදය ගම්මන්පිල, සුගීශ්වර බණ්ඩාර ,සහ දිලිත් ජයවීර ඇතුළු තවත් කිහිප දෙනෙකු අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (5) තීරණය කළා.
සැකකරුවන් 2024 අංක 08 දරණ අධිකරණයට අපහාස කිරීමේ පනත උල්ලංඝණය කරමින් අදහස් ප්‍රකාශ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය කරුණු වාර්තා කර තිබුණා.
සුරේෂ් සලේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයකදී කළ ප්‍රකාශ තුළින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ , උදය ගම්මන්පිල, හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන සුගීශ්ව බණ්ඩාර , ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න , ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන මහින්ද පතිරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර යන අය අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද තීරණය කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ වාර්ථාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීම සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා අද මෙම නියෝගය ලබා දුන්නා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි නෛතික පියවර ගැනීම සඳහා මේ පිළිබද අභියාචනාධිකරණයට දන්වා යැවීමට කටයුතු කරන බවයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී සිය නියෝගයේ සඳහන් කළේ .