මෙට්රෝ බස් සේවය මේ වන විට පොදුවේ මගී ජනතාවගේ ඉමහත් ආශ්වාදයට හේතු වී තිබේ.
මෙම සේවය අත්විදි බොහෝ දෙනා සමාජ මාධ්යයේ ඒ පිළිබඳ සිය අත්දැකීම් ලියා ඇති වාර බොහෝ ය.
ඒ අතරෙන් අප මේ උපුටා දක්වන්නේ ආචාර්ය මහේෂ් හපුගොඩ මෙට්රෝ බස් සේවය පිළිබදව සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සහනකි.
එය මෙතෙක් මෙම බස් සේවය පිළිබදව සාමාන්ය මගී ජනතාව දක්වා තිබූ ප්රතිචාරයට වෙනස්ව දාර්ශනික දැක්මකින් ඒ දෙස බලා තිබේ.
පහත අප උපුටා දක්වන්නේ ආචාර්ය මහේෂ් හපුගොඩගේ ඒ සටහනයි.
“………………………..”
ලංකාවේ ප්රවාහන භූ-දර්ශනය වෙනස් වීම…
ගෝඨාභය කියල කෙනෙක්ට කොහේදෝ යන්න වෙලා යන්න කලින් දෙන්නේ කාටද කියා කියා හොය හොය ඉන්න කොට රනිල් කියල කෙනෙක් මතක්වෙලා එයාගේ ටෙලිෆෝන් එක හෙව්වලු. එයාට ටෙලිෆෝන් එකක් නැති නිසා නිතරම එයාගේ පුටුව ළඟ කැරකි කැරකි ඉන්න ගැමුණු කියල කෙනෙක්ට කෝල් එකක් දීල මේ හදිසි කටයුත්ත ගැන කීවා කියල යම් තැනක කිව්වේ මට මතක හැටියට දිලුම් අමුණුගම.
ඒ ගැමුණු තමයි මෙට්රෝ බස් සර්විස් එක ගැන එයාගේ නොකැමැත්ත ඊයේ කියල තියෙන්නේ. මෙච්චර කල් උගේ බස් වල ගියපු උන්ට දැන් ඒ කෙළෙහිගුණේ නැත්ලු.
ගැමුණු ගේ බස් වල ගිය එවුන් තමයි දන්නේ ඌ දුන්න සර්විස් එක. නල්ලමලේ සර්විස් එක…
හිතුනොත් ගියා නැත්නම් කෙටුවා. කොටනවා කියන්නේ එසේ මෙසේ කෙටිලි නෙවෙයි. වරු ගණන් කෙටිලි. යන්න උනොත් මිනිස්සුද ඇතුලේ ඉන්නේ සත්තුද කියල ගණනක් නැහැ රේස් යනවා. කොහොමත් සැලකුවේ සත්තුන්ට වගේ. කතා කලෙත් එහෙමයි. මිනිස් ජීවිත ගැන වගේ වගක් තිබ්බේ නැහැ.
සර්විස් එකක් නෙවෙයි දුන්නේ. තනි සල්ලි හොයන ගේමක්. එහෙම කරලත් බස් වලින් ගොඩගිය එකෙක් නැත්තේ මිනිස්සුන්ගේ සාපෙම වැදිලා.
ගැමුණුගේ ස්වාමියාටත් වගේ වගක් තිබ්බේ නැහැ. පුටුව පල්ලේ ඉන්න වහලාට ඕනි දෙයක් කරගන්න ඉඩ ඇරල තිබ්බ. ස්වාමියා වෙනුවෙන් කතාකරපු නීතිඥ මහත්තුරු ගොඩක් අය බස් හෝ පොදු ප්රවාහනය ගැන දන්නේ නැති නිසා නිකම් හිටිය.
දැන් මෙට්රෝ එක්ක ජනතා පොදු ප්රවාහනයේ දෘශ්ය භූ-දර්ශනය (visual landscape of public transportation) වෙනස් වෙන්න යනකොට පරණ ස්වාමීන්ට විතරක් නෙවෙයි වහලුන්ට පවා රිදෙනවා. මොකද උං දන්නවා මිනිස්සු ගමනක් යන්න වින්ද දහ දුක. ලොරි චැසි වල මිනිස්සු නගල්ල බස් සේවකයෝ හැටියට යමපල්ලෝ දමල දුන්න දෙතිස් වධ. ප්රයිවට් විතරක් නෙවෙයි සීටීබී උනුත් නවත්තපු කක්කුස්සි කෑම කඩ. අපිට මතකයි අපි කන් බෙර පැලෙන්න අහපු ලුම්පන් සිංදු.
මේ ප්රවාහනයේ භූ දර්ශනය වෙනස් වීම ලංකාව ඉතාම වෙනස් දිසාවක් කරා රැගෙන යන බව මම මීට කලින් ලිව්වා. ඒ ලංකාව අත්කරගන්න පොහොසත් පෙනුමක්. ඒ වෙනුවෙන් මේ ආණ්ඩුව ගතකළේ අවුරුදු එක හමාරයි.
බල්ලෝ බුරනවා සඳ බැබලෙනවා…
සංචාරකයෙක් වුනත් කැමති වෙන ලස්සන නාගරික පෙනුමක් ලංකාව අත්පත් කර ගනිමින් යනවා. ජය!