පාස්කු මහ නඩුවේ විනි­සුරු මඬුල්ලේ ආර­ක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි කරයි

පාස්කු ප්‍රහාර මාලා­වට අදාළ මහ නඩුවේ පැමි­ණිල්ලේ තීර­ණා­ත්මක සාක්ෂි විභාග කෙරෙන වර්ත­මාන තත්ත්වය සැල­කි­ල්ලට ගනි­මින්, එම නඩුව විභාග කරන ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ලේ ආර­ක්ෂාව වහාම ක්‍රියා­ත්මක වන පරිදි දැඩි කිරී­මට පිය­වර ගෙන තිබේ.

ඒ අනුව මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන්ගේ ආර­ක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් යතු­රු­පැදි සංඛ්‍යාව ඊයේ (05දා) සිට ඉහළ නංවා ඇති බව වාර්තා වේ.

කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු නව­රත්න මාර­සිංහ (සභා­පති), මහා­ධි­ක­රණ විනි­සුරු සුජීව නිශ්ශංක සහ මහා­ධි­ක­රණ විනි­සුරු රාම­නා­දන් කන්නන් යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත මෙම විශේෂ විනි­සුරු මඬුල්ල හමුවේ පාස්කු මහ නඩුව දින­පතා විභාග වේ. මෙම නඩුවේ විශේ­ෂ­ත්වය වන්නේ ඇතැම් සාක්ෂි රාත්‍රී කාල­යේදී ද අඛ­ණ්ඩව විම­සී­මයි.

මෙම නඩු විභා­ගය පැවැ­ත්වෙන්නේ 2019 වසරේ පාස්කු ඉරු­දින කොළඹ, මීග­මුව සහ මඩ­ක­ල­පුව ප්‍රදේ­ශ­වල පිහිටි කිතුනු දේව­ස්ථාන හා සංචා­රක හෝටල් ඉලක්ක කර­ග­නි­මින් එල්ල කෙරුණු මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බ­න්ධ­යෙනි. මොහො­ම්මදු ඊබ්‍ර­හිම් මොහො­ම්මදු නව්ෆර් හෙවත් නවු­ෆර් මවු­ලවි ඇතුළු විත්ති­ක­රු­වන් 24 දෙන­කුට එරෙ­හිව පවරා ඇති මෙම නඩුවේ තීර­ණා­ත්මක තොර­තුරු රැසක් අනා­ව­ර­ණය වෙමින් පවතී.

නිසි බුද්ධි තොර­තුරු ලැබී තිබි­යදී පාස්කු ඉරිදා ප්‍රහා­රය වළක්වා නොගැ­නී­මෙන් රාජ­කා­රිය පැහැර හැරීම ඇතුළු චෝද­නා­වන්ට වර­ද­ක­රු­වන් වූ හිටපු පොලි­ස්පති පූජිත් ජය­සු­න්දර සහ හිටපු ආර­ක්ෂක ලේකම් හේම­සිරි ප්‍රනාන්දු යන මහ­ත්ව­රුන්ට කොළඹ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය පසු­ගි­යදා මරණ දඬු­වම නියම කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *